15976 BM WEB BANNER 01
Nov 23, 2016

සමාජ ජාලා පාලනයට අලුතින් පණතක් !

සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීම සඳහා අලුතින් පණතක් කෙටුම්පත් කරමින් සිටින බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (22) කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදය හා ආගම්වාදය පැතිරවිම පාලනය කිරීම සඳහා මෙවන් පනතක අවශ්‍යතාවය අධිකරණ ඇමතිවරයා විසින් පෙන්වා ඇතත්, විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු ඇමැතිවරු බහුතරයක් ඊට විරෝධය දක්වා තිබේ.

සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි පාලනය කිරීමට නීති ගෙන ඒම විහිළුවක් බව විදේශ ඇමතිවරයා අවධාරණය කර තිබේ.

ආණ්ඩුවට විරුද්ධව යමෙක් හූ කියන්නේ නම් ඊට වඩා හයියෙන් හූ කීමට ආණ්ඩුව දැන ගත යුතු බව පවසා ඇති මංගල සමරවීර ඇමැතිවරයා, ජනමාධ්‍ය කෙතරම් දෑ කීවද මහජනතාව ඒවා ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නැති බව පවසා තිබේ.

ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී සියළු මාධ්‍ය අයිතිය තිබූ මහින්ද රාජපක්ෂ පරාජය වීමත් ඇමරිකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍යයද ඇතුළු ජනමාධ්‍ය සහාය ඉහලින්ම තිබූ හිලරි ක්ලින්ටන් පරාජය වීමත් මංගල සමරවීර මහතා මේ සඳහා උදාහරණ ලෙස ගෙන තිබේ.


සබැඳි පුවත් :

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය අනතුරක සංඥාවක් - PWJA

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top