nsb

Nov 24, 2016

අවම දඩය 25000ක් කිරීමට විරෝධය

රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25,000ක් කිරීමට ගත් මුදල ඇතැම් වැරදි සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.

වමෙන් ඉස්සර කිරීම හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් රුපියල් 25,000 ක දඩයක් අය කිරීම ප්‍රායෝගික නොවන බව ඔවුහු පෙන්වා දී ඇත.

එසේම යතුරුපැදි වමෙන් ඉස්සර කිරීමේදී සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය අවම වන බවත් ඔවුන්ගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top