Nov 25, 2016

'ස්වර්ණවාහිනීය' මිලදී ගැනීමට ගිය අර්ජුන්ට බාල්දියක්

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා 'ස්වර්ණවාහිනී' මාධ්‍ය ජාලය මිලට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියද මේවනවිට ඒ සම්බන්ධයෙන් බරපතල දේශපාලන කාරණයක් මතුව තිබේ.

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන්වනතෙක් එවැන්නකට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

විද්‍යුත් මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩල වෙනසකට හෝ කොටස් විකිනිමකට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය  මෙන්ම, එවැනි පැවරිමකදී ගුවන් විදුලි හා රුපවාහිනි විද්‍යුත් සංඛ්‍යත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යටතේ ඇති  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බව ද එම ඇමතිවරයා කියා සිටියේය.

'සියත' නාලිකාව ආණ්ඩු විරෝධීන් පිරිසක් විසින් මිලදී ගැනීමට යන බවට වාර්තා පළවීමත් සමග එවැනි පියවර වළක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ පාලනයේ අවසන් වකවානුවේ  මෙවැනි නීතියක් හඳුන්වා දී ඇත.

ජාතික පුවත්පත් :

කෙසේවුවද සුවිශාල ප්‍රාග් ධනයක් යොදා 'ස්වර්ණවාහිනිය' හරහා  දැවැන්ත මාධ්‍ය ව්‍යාපාරයක්  ආරම්භ කිරීමට සැලසුම් කර සිටින අර්ජුන් ඇලෝසියස් මහතා, ලබන වසර මුලදී  ජාතික පුවත්පත් කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී 'ස්වර්ණවාහිනී' පවත්වාගෙන යනු ලබන EAP සමුහයේ  ආයතනයේ වත්මන් සභාපති මනෝ තිත්තවැල්ල මහතා කියා සිටියේ ඒ පිළිබඳව කිසිවක් තමා නොදන්නා බවයි.

තමා වෙත පැවරුන රාජකාරිය අවසන් බවත් ළඟදීම එම ආයතනයෙන් ඉවත්වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


සබැඳි පුවත් :

අර්ජුන් 'ස්වර්ණවාහිනීය' මිලදී ගැනීමට යයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top