Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 25, 2016

විදෙස් ආයෝජකයින්ට ඉඩම්දීම නතර නොකරන්නැයි ඇමතිවරු රනිල්ගෙන් ඉල්ලයි

හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා තෝරාගත් ඉඩම් බදු ක්‍රම යටතේ විදේශීය ආයෝජකයන්ට තාවකාලිකව පැවරීමට රජය ගෙන ඇති තීරණය අවලංගු නොකරන ලෙස ඇමැතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මේ ඉල්ලීම කර ඇත්තේ පසුගියදා අමාත්‍යවරුන් අරලිය ගහමන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්ථාවේදීය.

මේ තීන්දුවට එරෙහිව ජනතාව උසිගන්වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවද එහිදී අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර තිබේ.

කෙසේවුවද, එහිදි අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය පාලන සමයේදී රටේ ඉඩම් විදේශිකයින්ට සින්නක්කර ලෙස ලබා දුන්නත් යහපාලන ජාතික රජය විදේශීය ආයෝජකයින් සදහා ඉඩම් ලබා දෙන්නේ අනුනම අවුරු බද්දට හෝ ඊට අඩු කාලයක් සදහා බව පවසා තිබේ.

හම්බන්තොට පමණක් නොව ත්‍රීකුණාමලය, මහනුවර, මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවලද තෝරාගත් ඉඩම් චීන ආයෝජකයින්ට මෙන්ම ඉන්දියාව, ජපානය සහ සිංගප්පුරුව ආදි රටවල අයෝජකයින්ටද ලබාදෙන බව එහිදී අගමැතිවරයා අවධාරණය කර තිබේ.

- සුජිත් මංගල ද සිල්වා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top