Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 04, 2017

තෙල් සීමා කරයි : සයිකලයට දෙකයි, ත්‍රීවිලයට තුනයි

ලබන අඟහරුවාදා දක්වා ඉන්ධන හල්වලින් පෙට්‍රල් ලබාදීම සීමාකර තිබේ.

මේ අනුව යතුරුපැදියකට පෙට්‍රල් ලීටර 2ක්ද, ත්‍රීරෝද රථයකට පෙට්‍රල් ලීටර් 3ක්ද, ජීප් හා කාර් රථයකට පෙට්‍රල් ලීටර් 20ක්ද ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉකුත් 15 වැනිදා මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40 000 ක නැවක් ප්‍රමිතියෙන් තොර ඒවා බව පවසමින් ගොඩබෑම ප්‍රතික්ෂේපවීම මේ ඉන්ධන අර්බුදයට එක් හේතුවක් වී තිබේ.

ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 30,000 කින් යුත් පෙට්‍රල් නැව ලංකාවට ළඟාවන්නේ ලබන සඳුදා රාත්‍රියේ බවද පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top