nsb

Nov 25, 2016

SAITM අහෝසිකරන්නැයි සිසුන් වීදි බසී

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බලකරමින් පේරාදෙණිය ගලහ මංසන්දියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතාවයක නිරත විය.

විරෝධතාවට එක්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ සඳහන් කළේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් පේරාදෙණිය වෛද්‍යපීඨ සිසුන් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය මේ වන විට දින 300 ඉක්මවා ඇති බවයි.

මේ වන විට රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිත්‍යානූකූල කිරීමේ දැඩි උත්සහයක නිරත වෙමින් සිටින බවද පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාගම වෛද්‍ය සිසුන් වීදී බසී

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවට දුන් නිර්දේශයට විරෝධය පළ කරමින් රාගම රෝහල ඉදිරිපිට අද (25) වෛද්‍ය සිසුන්ද උද්ඝෝෂණයක නිරත විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top