Nov 25, 2016

පූජිත්ට ජනපතිගෙන් දෝස්මුරයක් !

විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අධිකරණය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දොස්පවරා ඇතැයි වාර්තා වේ.

පොලිසිය තුළ හෝ නිසි පරීක්ෂණයක් නොපවත්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා කනගාටුවන බවද එහිදී ජනපතිවරයා පොලිස්පතිවරයාට පවසා තිබේ.

එසේම, කෝටි ගණන් වංචාකළවුන් නිදැල්ලේ සිටියදී, පසුගිය යුද සමයේ ක්‍රියාකාරීව කටයුතු කළ අදාළ නිලධාරියාට මෙලෙස සැලැකීම නොකළ යුත්තක් බවද ඔහු අවධාරණය කර තිබේ.

එම නිලධාරියා සමඟ පුද්ගලික ප්‍රශ්න ඇත්නම් ඒවා පුද්ගලිකව විසඳා ගන්නා ලෙසද සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බළකයාට අයත් ජීප් රථයක් විශ්‍රාම ගැනීමෙන් පසුව භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000කට ආසන්න මුදලක් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව ජාතික හෙළ උරුමය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top