Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 07, 2017

තෙල් හිඟයේ වගකීම IOC බාරගන්න බෑ කියයි !

රට තුළ උද්ගත වූ පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් වූ වගකීම තම සමාගමට භාර ගත නොහැකි බව ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා කියා සිටී.

ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියි.

“අපි ඔක්තෝබර් 02 වන සතියේ බෙදාහැරීමේ කටයුතු සඳහා තෙල් නැවක් ගෙනාවා. ඒ තෙල් ප්‍රමාණයේ සහ ප්‍රමිතියේ වගකීම තියෙන්නේ අපේ සැපයුම්කරුටයි. ඒ තෙල් සිපෙට්කෝ රසායනාගාරවල දී පරීක්ෂා කරලා බැලුවා. එතකොට තෙල්වල තියෙන අපද්‍රව්‍ය දකින්නට ලැබුණා. මේ තෙල් තොගය ප්‍රතික්ෂේප කළාට පස්සේ අපි ටොටාල් යන එම ආයතනයේ කොටස නැවත හරවා යැව්වා. පසුව ඔක්තෝබර් 31 වන දා අපි තීරණය කළා මේ තෙල් ටික පිළිගන්න බැහැ කියලා. අපි වහාම ප්‍රතික්ෂේප කළා මේක භාරගන්න එක. “

ත්‍රි’මලේ නැව අපේ නොවෙයි : IOC එක වරදක් කරලා

ඒ සමඟ ඒ සියලු වැඩකටයුතු නතර කළා. ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා තියෙන නැව අපිට අයිති නැහැ. අපි ක්‍රියාමාර්ග ගන්නවා ටොටාල් ආයතනයට එරෙහිව.“

“මෙරට වෙළෙඳපොළෙන් 16% යි අපිට තියෙන්නේ. අපේ තොග තියෙන්නේ අපේ වුවමනාවට හරියන පරිදි. අපි ත්‍රිකුණාමලයෙන් කුඩා ප්‍රමාණයෙන් දෛනිකව මුදා හරිනවා. ලංකා IOC එකෙන් මොනයම් හෝ වැරැද්දක් කරලා තිබෙන බව පවසනවානම් ඒ හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ෂේප කරනවා.“

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top