Nov 09, 2017

2018 අයවැය කතාව 3 ට ඇරඹේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මංගල අයවැය සහ යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය තව ස්වල්ප මොහොතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 3.00ට මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් අයවැය කතාව සිදුකරනු ඇත.

මෙය නිදහස් ලංකාවේ 71 වන අයවැයයි.

2018 වසර සඳහා වන අයවැය කතාව අද (09දා) ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (10දා) සිට එළඹෙන 16 වැනිදා දක්වා පුරා දින හයක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 16 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top