Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Nov 26, 2016

'රාජපක්‍ෂලාගේ පක්ෂයට මම නැහැ' - නිරූපමා රාජපක්ෂ

රාජපක්‌ෂලා සියලුම දෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හැර ගියත් තමන් කිසි දවසක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතහැර මල්පොහොට්‌ටුව යටතේ ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වන්නේ නැතැයි මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන සංවිධායිකා හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්‌ෂ මහත්මිය පැවසුවාය.

''පක්‌ෂය මාරු කරලා එහාට මෙහාට පැනලා මට පුරුද්දක්‌ නැහැ. මම හොඳ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයෙක්‌. එම නිසා මම පක්‌ෂය පාවා දීලා වෙන පක්‌ෂයකට යන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගයි, මෙම දේශපාලනය කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතහැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යයිද නැද්ද කියලා මම දන්නෙ නැහැ. නමුත් මම යන්නෙ නැහැ ...

මම ඉදිරියටත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජයග්‍රහණය කරවීම සඳහා ජනාධිපතිවරයා සමඟ එක්‌ව කටයුතු කරනවා'' යෑයිද නිරූපමා රාජපක්‌ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top