Nov 10, 2017

විදුලි සංදේශ රෙගුලාසි කැඩීම ලංකා ඊ නිවුස් වාරණයට හේතුවයි !

ලංකා ඊ නිවුස් ශ්‍රී ලංකාව තුළ වාරණය කර ඇත්තේ විදුලි සංදේශ නියාම කොමිසමේ රෙගුලාසි කඩකිරීම හේතුවෙන් බව වාර්තා වේ.

අදාළ රෙගුලාසිවල 58 වැනි වගන්තියේ සටහන්ව ඇති “ යම් අහිෂ්ථ, අසභ්‍ය, කැරළිකාර, අශ්ලීල, තර්ජනාත්මක හෝ අතිශයින් අප්‍රසන්න ස්භාවයක පනිවුඩයක්, යම් විදුලි සංදේශ කාර්යාලයකදී සම්ප්‍රේශනය කිරීම සඳහා තමා විසින්ම හෝ තම නියෝජිතයකු හෝ සේවකයකු මගින් ඉදිරිපත් කරන සෑම තැනැත්තෙක්ම ඉන් වරදක් කරන අතර වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්දහසකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත්වන්නේය.” යන කොන්දේසිය කඩ කිරීම මේ වාරණයට හේතුව බව විදුලි සංදේශ නියාම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, අදාළ කාරණාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුවත්ව නොසිටි බවද පැවසේ.

TRC DOC

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top