Nov 11, 2017

2018 අයවැය : එජාපය හා ශ්‍රීලනිපය කෙටවීමේ සුදානමක් !

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පෙරේදා (09) ලබන වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනා පාදක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතවාදී ගැටුමක් නිර්මාණය වන අකාරයේ පුවත් හා ලිපි සම්පාදනය කරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ අනුගාමිකයින්ට උපදෙස් ලබාදී ඇත.

මෙම අයවැය යෝජනා 1988 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථිකයේ දිගුවක් ලෙස විග්‍රහකරමින්, ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය අපහසුතාවයට පත්වන ආකාරයේ ලිපි පලකරන්නැයි ඔහුගේ ආරථික උපදේශකයින්ට දැනුම් දී ඇති බැසිල් රාජපක්ෂ මහතා, අයවැයට පක්ෂව කතාකරන ශ්‍රීලනිප ඇමතිවරු 'පට්ට ගසන්නැයි' ඔහුගේ සමාජ මාධ්‍ය ජාලයේ සේවකයින් ට නියෝගකර ඇත.

ජනපති සතුටින් :

කෙසේවුවද අයවැය යෝජනා ඉදිරිපත් කල දිනයේ (09) රාත්‍රී අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථන ඇමතුමක් ලබාදී ඇති ජනාධිපතිවරයා, අයවැය කතාව ඉමහත් සේ ඇගයීමට ලක්කර තිබේ.

අන්තර්ජාලය හරහා පෙරේදා (09) රටවටා සිටින හමුදා සාමාජිකයින් ඇමතීමට දිනයෝදගෙන තිබු බැවින් ජනාධිපතිවරයා අයවැය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයට ඒමට නොහැකිවී තිබිණ.

මංගල සමරවීර මහතා අයවැය යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී එජාප අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රීලනිප අමාත්‍යවරුන් ද එම ප්‍රතිපත්තිමය යෝජනා ඉහලින්ම අගය කරමින් කරුණු දක්වා ඇති අතර, පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුවද ඔහුට සුබපතා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top