Nov 26, 2016

නිවුස් වෙබ් දේශපාලන කර්තෘගේ මව කළුරිය කරයි

ලංකා නිවුස් වෙබ් දේශපාලන කර්තෘ, මාධ්‍යවේදී රුවන් නෙළුගොල්ල මහතාගේ ආදරණීය මෑණියන් වන ඩී.ඊ. අයිරාංගනී මහත්මිය ඊයේ (25) රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට අයිරාංගනී මහත්මිය 67 වන වියේ පසුවූවාය.

රෝගාතුරව සිටි අයිරාංගනී මහත්මිය මියයන විට පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

මේ වනවිට දේහය කටුගස්තොට, ඉනිගල පාර, අංක 469-ඒ දරන ලිපිනයෙහි පිහිටි නෙළුගොල්ල මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු හෙට (27) සවස යටිවාවල පොදු සුසානභූමියේදී සිදුකරන බව නෙළුගොල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා මිරර් කර්තෘ මණ්ඩලයේ සාතිශය සංවේගය !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top