Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 26, 2016

අත්අඩංගුවට ගත් LTTE සාමාජිකයින් ගණන හෙළිවෙයි !

වසර 2009 දී යුද්ධය අවසන්වීමත් සමඟ රජයට භාර වූ හෝ අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්‍යාව 10,719 ක් බව රජය අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,173 ක් මේ වනවිට පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මහතා කියාසිටියේය.

තවදුරටත් බන්ධනාගාරවල රඳවා සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් සංඛ්‍යාව 150ක් බවද හෙළිකළේය.

ඉන් 66 ක් ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් අය බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ පැණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

වසරකට වැඩි කාලයක් බන්ධනාගාරවල රඳවා සිටින මුලු රිමාන්ඞ් සිරකරුවන් සංඛ්‍යාව 1,700 කට අධික බවද එහිදී හෙළිවිය.

වසර 7 කට වැඩි කාලයක් රිමාන්ඞ් සිරකරුවන් ලෙස රඳවා සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් නොවන සිරකරුවන් 77 දෙනෙකුද ඒ අතර සිටින බවද, ඩී.එම්.ස්වාමිනාදන් මහතා කීය.

ඔවුන් සම්බන්ධ ඉදිරි පියවර කවරේදැයි ද අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top