Nov 26, 2016

කස්ත්‍රෝගේ වියෝවට ජනපතිගේ සොව

ෆිදෙල් කැස්ත්‍රෝ මහතා විප්ලවීය නායකත්වයක් තුලින් කියුබාව සමෘද්ධිමත් කල නායකයෙකු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ කියුබාවේ හිටපු ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළකර සිය ටිව්ටර් ගිනුමේ සටහනක් තබමිනි.

කැස්ත්‍රෝ මහතා විප්ලවය යන වදනට නව අරුතක් එක් කල නායකයෙකු බවද සිරිසේන මහතා සඳහන් කරයි.

වයස අවුරුදු 90 ක් ආයු වැළඳු ෆිදෙල් කැස්ත්‍රෝ මහතා අද උදාසන ජීවිතක්ෂයට පත්විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top