15976 BM WEB BANNER 01
Nov 18, 2017

රාජ්‍ය ආයතනවල ‘ද්විත්ව පුරවැසියන්ට' වැඩ වරදින ලකුණු !

රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවල සිටින ද්විත්ව පුරවැසි හිමි සභාපතිවරුන් හා ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය නිසා මන්ත්‍රී ධුරය අහිමි වීමත්, ද්විත්ව පුරවසිලාභී ලිටිඩ්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ හා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් නිසා ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරන්නේ තෙල් සංස්ථාවට, රාජ්‍ය බැංකු, වරාය, ටෙලිකොම්, ආදී ආයතනවල ඉහළ පුටුවල ද්විත්ව පුරවැභාවය හිමි පුද්ගලයන් තනතුරු දරන බවයි. ඇතැමුන්ට මෙරට පුරවැසිභාවයවත් නොමැති බව වාර්තාවේ.

රාජපක්ෂ පාලනය පලවා හරින තෙක්ම මෙවැනි 'ද්විත්ව පුරවැසිලාභීන්' විදේශගතව සිට ජනවාරි 08 ජයග්‍රහනයත් සමග තනතුරු ලබාගැනීමට දිවයිනට පැමිණි පුද්ගලයින් වේ.

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top