15976 BM WEB BANNER 01
Nov 20, 2017

අගමැති අද බැඳුම්කර කොමිසමට - ප්‍රශ්න කරන්නේ නීතිපති

භාණ්‌ඩාගාර බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂිදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20 දා) පැමිණීමට නියමිතය.

අගමැතිවරයා කොමිසම හමුවට කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඉකුත් 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක්‌ අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.

ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ අගමැතිවරාගෙන් ප්‍රශ්න ඇසීම සදහා කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවිය යුතු බවයි.

ඒ අනුව මෙහිදී නීතිපතිවරයා විසින් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්:

අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට යන්නේ කොමිසමේ කැඳවීමකින් නොව ස්වේච්ඡාවෙන් ම බවත්, මෙය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක් බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය නම් කොමිසම හමුවට යාම සිය ඉන්දීය සංචාරයෙන් පසුවට කල් දැමීමට තිබුණත් ඔහු ඉන්දීය සංචාරයට පෙර ම කොමිසම හමුවේ පෙනී සිටීමට තීරණය කල බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙරේදා මහනුවර දී මාධ්‍ය හමුවේ පැවසිය.

කොමිසම අවට දැඩි රැකවල්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යන අද (20දා) දින කොමිසම පිහිටි පරිශ්‍රයට සහ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

මේ සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමට කටයුතු යොදා ඇතැයි එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.

සබැඳි පුවත් :

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !
'අගමැතිට බයකුත් නෑ සැකයකුත් නෑ' - අකිල
සඳුදා ලාංකීය දේශපාලනයේ ඓතිහාසික දිනයක් වන ලකුණු !
එජාප කෘත්‍යාධිකාරියේදී නීතිපතිට චෝදනා !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top