Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 21, 2017

ගාමිණී සෙනරත් ඇතුළු 3ට ඇප

කොල්ලුපිටියේ හොටෙල් සමාගමක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන හතරක් යොදවා පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කළැයි දින අටක් රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21දා) නියෝග කළේය.

එක් අයකුට රුපියල් 50 000 බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර තිබේ.

සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසද නියෝග කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top