15976 BM WEB BANNER 01
Nov 22, 2017

"ඇලෝසියස් රාජපක්ෂගෙ ගෝලයා, නාමල්ගෙ යාළුවා”

යහපාලන ආණ්ඩුව ලංකාවේ ඇති බන්ධනාගාර හැර සියළු දේවල් විකුණමින් සිටින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

පසුගිය 19 වැනිදා බලපිටියේ පැවති රැස්වීමක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

Namaltalk“බන්ධනාගාර ටික තියාගන්නේ අපි යවන්න හිතගෙන. ඒ කාලේ කොහොම ද ඔය මන්ත්‍රීවරුන් වන රන්ජන්, සුජීවලා , අජිත් ලා කිව්වේ ඇලෝසියස් මුදලාලි රාජපක්ෂලාගේ ගෝලයෝ කියලා. නාමල්ගේ යාළුවා කිව්වා. දැන් කොහොමද කෝප් කමිටුව ඇතුලේ පරීක්ෂණ යනකොට ඇලෝසියස් මුදලාලිගෙන් දුරකථන ඇමතුම් ඇවිල්ලා. අපි චානක ලා ගෑණු ළමයෙකුටවත් ඔච්චර කෝල් ගන්නේ නෑ. සමහරුන්ගේ පවුල් වලටත් කෝල් කරලා. මරු කට්ටිය ඉන්නේ. හර්ෂණ කියනවා සීයාගේ කාලේ ලු කතා කලේ. ඒ කියන්නේ ඇලොසියස් ගේ සීයා ගේ කාලෙලු. මම හිතුවා චතුර මන්ත්‍රීතුමා විතරයි ඔහොම කතා කියන්නේ කියලා.”

දින සීයෙන් මේ ආණ්ඩුව කළේ වැඩ දෙකයි

“නමුත් මේ බැදුම්කරෙ. එක්ක එජාප මන්ත්‍රීවරුනුත් ඒ තත්වයට පත්වෙලා. අපේ පැත්තට එල්ල කරපු ඇඟිල්ල එක දෙක වෙලා ඒ අයගේ පැත්තට අද යොමු වෙලා. මේ අයගේ තිබුණේ පික් පොකට් න්‍යාය. හැබැයි මේ අයගේ වෙනස පික් පොකට් එක ගැහුවේ මහ බැංකුවට. දින සීයෙන් අළුත් රටක් කිව්වා. මේ දින සීයෙන් මේ ආණ්ඩුව කරේ වැඩ දෙකයි. 41 ක් හිටපු රනිල් අගමැති කරා. මහ බැංකුව සුද්ද කරා. ඔන්න තත්වය. මේ මහ බැංකු හොරකම වහන්න අපිව හිරේ දැම්මා. මේ යහපාලන ආණ්ඩුව අපිට මාසෙකට සතියක් දෙකක් නිවාඩු දෙනවා. මේ අයගේ හොරකන් රටින් වහන්න රාජපක්ෂ කෙනෙක් හිරේ දානවා. අද ගොවියා , ධීවරයා, කමුකරුවා සම්පුර්ණයෙන්ම වැටිලා. අද මාළු අල්ලන මිනිහත් අමාරුවේ. මාළු කන මිනිහත් අමාරුවේ."

රජ රටින් රජ කෙනෙක් පත් කරගෙන හාල් කාපිය පිටරටින්

“දැන් රජරටින් රජකෙනෙක් පත් කරගෙන හාල් කාපිය පිටරටින් කියලා කනවා. මරු. මේ අයවැයේ තියෙන්නේ බදු විතරයි. මහා සංවර්ධනය කියලා ඇවිදින පාක් එකක් හදනවා.”

නිමල් අලගෙවත්ත - හබරාදූව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top