nsb

Nov 27, 2016

ලසන්ත ඝාතකයින් සොයන්න මහජන සහාය පතයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශය අනුව එම සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නගා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව එම ඡායාරූපය පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

අවුරුදු 35 ක පමණ පෙනුමැති මෙම පුද්ගලයා උසින් අඩි 5 ක් සහ අඟල් 8ක් පමණ වන බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0112 422 176, 0112 380 380, 0718 305 528, 0718 349 505, 0773 291 500, 0718 070 207 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මූලස්ථානය මීට පෙරත් මෙම ඝාතනයට අදාළ පරීක්ෂණ සඳහා ඉහත ඡායා රූපය හා තවත් ඡායා රූපයක් මාධ්‍යයට නිකුත් කර තිබූ අතර එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් සැකකරුවාගේ ඡායා රූපය නැවතත් පොලිස් මූලස්ථානය විසින් මෙලෙස මාධ්‍යයට නිකුත් කර තිබේ.

lasanthamerder1

unnamed 22

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top