15976 BM WEB BANNER 01
Nov 23, 2017

ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාස භංගයක්

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායක කාර්යාලයේදී ‍මෙය අද (23දා) කථානායකවරයාට බාර දී තිබේ.

මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා , පුංචි ඡන්දය නියමිත දිනට නොපවත්වා එය කල් දැමීම සඳහා ක්‍රියා කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් පසුගිය කාලයේ චෝදනා එල්ල වුණි.

මෙම විශ්වාසභංගයට හිටපු කථානායකවරයෙකු වන චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අත්සන් තබා තිබීම විශේෂත්වයකි.

ඡන්දය නිසි කලට පවත්වන බවට රටට හා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වියයුතු බව සඳහන් කරමින් විශ්වාසභංගය භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top