15976 BM WEB BANNER 01
Nov 25, 2017

විද්‍යාගේ පාසලේ සිසුන්ට බයිසිකල් බෙදාදෙයි (ඡායා)

පුංගුඩතිව් මහා විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ඝාතනය වූ විද්‍යා සිසුවියගේ 21 වැනි ජන්ම දිනය වෙනුවෙන් එම විදුහලේ දරුවන්ට පාසල් උපකරණ හා පාපැදි බෙදාදීමේ උත්සවයක් අද (25) එම විදුහලේදී පැවැත් විණි.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් මෙය සංවිධානය කර තිබිණි.

මෙම පාසලේ උපකරණ බෙදාදීම ප්‍රවීන සිනමා නිළි සූනීතා විරසිංහ මහත්මියගේ සංකල්පයකට අනුව සිදු කරන ලද්දකි.

උත්සවයට සිනමා නිළි ස්විනීතා ඇගේ ස්වාමියා වන කැළණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය වරලත් ගණාකාධිකාරි නන්දන මාලගොඩ උපකරණ වෙනුවෙන් ධන පරිත්‍යාගය කළ ඕමාන් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මොහාන් ශංකර් හා ඔහුගේ බිරිය වදිනි ශංකර් යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

මෙහිදී එම පාසලේ ඉගෙනුම ලබන දිළිදු දරු දැරියන් 13 දෙනෙකු හට පා පැදි ලබා දුන් අතර, අනෙකුත් සියළුම දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

විද්‍යා පදනම නමින් පදනමක් ආරම්භ කිරීමටත්, එය දිවයින පුරා රැගෙන යාමටද එහිදී තීරණය වූ අතර සෑම මසකම එම විදුහලේ දරු දැරියන් 10 දෙනෙකුට විශේෂ ශිෂ්‍යත්වයක් ලබාදීමට ද තීන්දු විය.

මෙම උත්සව අවස්ථාවට යාපනය ආරක්ආෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි මහතාද එක්ව සිටියේය.

vidyaschool

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top