Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 27, 2016

බොදුබලයේ බලපෑමට පොලිසිය පාකිස්තානු ‍කොඩි ගලවයි

ශ්‍රී ලංකාවේ  පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය විසින් බත්තරමුල්ල වොට්ස් එර්ච්හිදි අද පස්වරුවේ සංවිධානය කර තිබූ ආහාර ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඒ අවට ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ පාකිස්තානු ජාතික කොඩි වැලිකඩ පොලිසිය විසින් ඉත් කර තිබේ.
 
මෙසේ පකිස්තානු කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබද බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුවූ අඹුගල්ලේ ජිනානන්ද නැමති හිමි නම පොලිසියට කළ පැමිණිලල්ක් මත මෙම පාකිස්තානු කොඩි ඉවත් කිරීමට කටයුතු කර ඇත. ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය ‍නොමැතිව පාකිස්තානු කොඩිය ප්‍රදර්ශනය කළ නොහැකි බවත් පකිස්තානු කොඩි ඉවත් නොකරන්නේ නම් පෙළපාලියකින් පැමිණ පාකිස්තානු කොඩි ගලවා ඉවත් කරනු ලබන බව එම හිමි නම පොලිසියට තර්ජනය කර තිබේ.
කෙසේ වුවද මෙම උත්සවයට අද සහභාගි වූ පකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මේ පිළිබදව ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් කීප දෙනෙකුට තම අප්‍රසාදය පළ කර තිබේ. 
මේ පිළිබද බොදුබල සේනා සංවිධානයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කළ විමසීමකදී කියා සිටියේ අඹුගල්ලේ ජිනානන්ද නැමති හිමිනම තම සංවිධානයේ සාමාජිකයෙකු නොවන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top