15976 BM WEB BANNER 01
Nov 28, 2017

ශනිල්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

තමන් අත්අඩංගුවට ගැනීම හෝ නඩු පැවරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශනිල් නෙත්තිකුමාර නැමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසරකින් තොරවම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) නියෝග කර තිබේ.

ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දී තිබේ.

අනීකා විජේසූරියට සහ ඇගේ සොහොයුරු විජිත් විජේසූරියට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඔහු පසුගිය ඔක්තෝම්බර් 31 වනදා ගොනු කල සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂවරයා සහ නීතිපතිවරයා ඇතුලු පිරිසකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොල්ලුපිටියේ පිහිටි මොනෑක් නිවාස සංකීර්ණයෙන් සුඛෝපභෝගී නිවසක් ලබාදීම පිළිබඳව අනීකා විජේසූරිය පසුගිය දිනවල බැඳුම්කර කොමිසම හමුවේ කරුණු අනාවරණ කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top