Nov 28, 2016

ජංගම දුරකථන හිමියන් මුලාකර සිදුකරන ජාවාරමක්‌

ජංගම දුරකථන සමාගම් වලින් තරග ජයග්‍රහණ දිනා ඇති බව පවසමින් දුරකථන පාරිභෝගිකයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්‌ මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබඳ දුරකථන සමාගම් මගින් තම දුරකථන පාරිභෝගිකයන්ව දැනුවත් කර ඇතත් සමහරක්‌ දෙනා මෙම වංචාවට හසු වී ඇතැයිද දැන ගන්නට තිබේ.

දැනටමත් එවැනි ඇමැතුම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්‌ ලැබී ඇතැයි ද පොලිසිය කියයි.

මෙම දුරකථන ඇමතුම් ලබා දෙන ඇතැම් අය රිමාන්ඩ් භාරයේ සිටින්නන් බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මේ අතර තමාට ත්‍යාග ජයග්‍රහණයක්‌ ලැබී ඇති බවට පවසමින් දුරකථන පාරිභෝගිකයකු හට 0715-121345 යන දුරකථන අංකයෙන් ලැබුණු ඇමැතුමක්‌ සම්බන්ධයෙන් එම පාරිභෝගිකයා පෙරේදා (26 වැනිදා) තලංගම පොලිසියට පැමිණිල්ලක්‌ කරනු ලැබීය.

ඒ අනුව තලංගම පොලිසිය ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබේ.

ත්‍යාගයක්‌ හිමි බව පවසා ඔබට දුරකථන සමාගමකින් ඇමැතුමක්‌ ලබාදී එම මුදල දීමට රුපියල් 5000, 10,000 ක්‌ ඊසි කෑෂ් කරන ලෙසට දැන්වුවහොත් ඒ ගැන සැලකිලිමත් වී ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top