nsb

Nov 28, 2016

SF ලොක්කාට ඇප නෑ : සැකකරුවන් 35කට ඇප

කරාටේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා එල්ල වී සිටින එස්. එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහව ලබන මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

චෝදනා ලැබ සිටින නාවික හමුදා හිටපු කිමිදුම්කරුවෙකු වන විරාජ් රාජිත නැමැත්තා අනුරාධපුර මහාධිකරණයෙන් ලැබුණු නියෝගයක් මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව දැනට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකක්රුවන් 35 දෙනෙකු මුදාහැර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top