Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 07, 2017

දෙමළ විමුක්ති සන්ධානය චාවකච්චේරි නගර සභාවට ඇප තියයි !

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බිහිකළ දෙමළ විමුක්ති සන්ධානය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය පැවැත්වීමට නියමිත යාපනය චාවකච්චේරි නගර සභාව වෙනුවෙන් අද (07) ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

දෙමළ විමුක්ති සන්ධානයෙන් චාවකච්චේරි නගර සභාවට ඉදිරිපත්වන කණ්ඩායම් නායකයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් යාපනය මැතිවරණ කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා තවත් කණ්ඩායම් රැසක ඒකාබද්ධතාවයෙන් යුතු දෙමළ විමුක්ති සන්ධානය සූර්යා ලකුණින් යුතුව ඊයේ (06) බිහි කරනු ලැබීය.

ඇප තැන්පත් කිරීමට පැමිණි නියෝජිතයින් පැවසූවේ යාපනය නගර සභාව තුළ දෙමළ ජාතික සන්ධානය පරදා දෙමළ විමුක්ති සන්ධානය ජයග්‍රහණය කිරීම ස්ථිර බවයි.

වැල්වැටිතුරෙයි ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු කණ්ඩායමක් ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ඇප තැන්පත් කිරීමට දෙමළ විමුක්ති සන්ධාන නියෝජිතයින් පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top