Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 29, 2016

ඥානසාර හිමිට වරෙන්තුවක් දෙනවාද: තීන්දුව ජනවාරියේ

ආගමික මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියකට අදාළව එල්ල වී තිබු චෝදනාවලින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

අදාළ නඩුව අද(29) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය සඳහන්කර සිටියේ එම නඩුව ජනවාරි මස 20 වැනිදා විභාගයට ගන්නා බවයි.

මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා දෙන ලෙසද  රජයේ පාර්ශවයෙන් අධිකරයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය ඒ පිළිබඳව තීන්දුවක් ජනවාරි මස 20 වැනිදා ලබා දෙන බව ප්‍රකාශ කළේය.

සබැදි පුවත්
පොලිස් කොමිසමේ සභාපති ප්‍රචණ්ඩකාරී භික්ෂූන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව පිළිගනියි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top