nsb

Nov 29, 2016

අන්තරේ පාගමනට පොලිසියෙන් ප්‍රහාර (ඡායා) - (UPDATE)

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සිදු කරන ලද විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හරිනු ලැබිය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු විරෝධතා පාගමන අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ ගැනීමේදී එය මැඩපැවැත්වීම සඳහා මෙසේ ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කල බව පොලිසිය පවසයි.

-------------------

'උපාධි කඩ එපා' කැලණිය පැත්තෙන් කොළඹට එයි (ඡායා)


මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර තිබේ.

ඔවුන් කොළඹ කොටුව හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණීමට සැළසුම් කර ඇති බවද වාර්තා වෙයි.

පාගමන හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.

pikat

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top