nsb

Nov 30, 2016

වාහන පැවරුම් ලියාපදිංචි සහන කාලය දිගු කරයි

වාහන පැවරුම් සහතික නීත්‍යනුකූල කර ගැනීම සඳහා ලබා දී තිබූ සහන කාලය දෙසැම්බර් 31 දා තෙක්‌ දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

එම සහන කාලය අදින් (30 දා) අවසන් වීමට නියමිතව තිබූ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක්‌ මත මෙම සහන කාලය දීර්ඝ කර තිබේ.

වාහන පැවරුම් සහතික නීත්‍යනුකූල කර ගැනීම සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙම සහන කාලය මසකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙම සහන කාලය තුළ පැවරුම් සහතික ලබා නොගතහොත් ප්‍රමාද වූ දිනකට රුපියල් 100 බැගින් මුළු කාලය සඳහාම දඩ අය කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top