nsb

Nov 30, 2016

ලංකාවේ 3කට ඩුබායිහි සිර දඬුවම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පිහිටි  අධි සුඛෝපබෝගී  නිවසකින් ඩිරාම් මිලිනයක්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න වටිනා බඩු භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ  ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අපරාධ අධිකරණය  වසරක් බැගින් වූ සිර දඬුවම් පනවා ඇති බව ඩුබායි ද නැෂනල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

වර්ෂ 2015 අගෝස්තු මාසයේදී සිදූ වී ඇති මෙම සොරකමට අදාළව ඩුබායි පොලීසිය විසින් අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

මෙම සොරකමට සම්බන්ධ වූ  බව කියන ලාංකිකයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක්   ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්, සෙසු සැකකරුවන් දෙදෙනා යළි ලංකාවට පළා ගොස් ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වුවත් තමන්ට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැදවූ අවස්ථවේදී එරට අත්අඩංගුවේ පසුවන ලාංකිකයා විසින් එම චෝදනාව  ප්‍රතික්ෂේප කර තිබේ.

සෙසු සැකකරුවන් දෙදෙනා යළි ලංකාවට පළා ගොස් ඇතැයි ඩුබායි පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත.

කරුණු සලකා බැලූ ඩුබායි අපරාධ අධිකරණ විනිසුරුවරයා චූදිත ලාංකිකයින්ට එරෙහිව වසරක් බැගින්වූ සිර දඬුවම් පනවා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top