Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 30, 2016

ආවා 11කට ඇප

යාපනයේ ක්‍රියාත්මක “ආවා“ නමැති කණ්ඩායමේ බවට සැකපිට අත්අඩංගුව ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටි 11 දෙනකු අද (30දා) ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරි විනිසුරුවරිය ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කළාය. සෑම මසකම දෙවැනි ඉරිදා යාපනය රහස් පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියම විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට නඩු නොපවරන බවත් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් සංසරණය යන චෝදනා ගොනු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සබැදි පුවත්

ආවා කල්ලියේ නායකයා ඇතුළු 38ක් අත්අඩංගුවේ

‘ආවා ගෘෘප්‘ හැදුවේ ගෝඨාභය' -රාජිත යලිත් කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top