Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 30, 2016

හෘද සැත්කම්වලින් රෝගීන් මියයාම හොයන්න කමිටුවක්

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම්වලට ලක්කෙරුණු රෝගීන් සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 වැනි දින හදවත් සැත්කම්වලට ලක් කෙරුණු රෝගීන් හය දෙනෙකුගෙන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.

වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, රසායනාගාර සේවා අධ්‍යක්ෂ කේ.කේ.බි.කමල් ජයසිංහ, හදිසි වැටලීම් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතව අදාළ කමිටුව පත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ මරණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අද දිනය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙසට ද  එම කමිටුවට දැනුම් දී ඇති බව සඳහන්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top