Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 08, 2018

රවී RTI පනත අනුව ජනපති කාර්යාලයෙන් බැඳුම්කර වාර්තාවක් ඉල්ලයි !

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමාට ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් පසුගිය 30දා ජනපතිවරයාට ලබාදුන් වාර්තාවේ පිටපතක් ලබාදෙන්නයි ජනපති කාර්යාලයෙන් මීට සුළුමොහොතකට පෙර ඉල්ලා තිබේ.

A Ravibond 1

කරුණානායක මහතා එම වාර්තාවේ පිටපතක් ඉල්ලා මීට පෙරද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක්ද යොමුකර තිබිණ.

IMG 3639

එහිදී ජනපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ ප්‍රකාශය මගින් දඬුවම් ලැබීමට තමාව පමණක් වෙන් කළ බවත්, මේ හේතුවෙන් ඉතා ඉක්මනින් තමාට මෙම වාර්තාවේ පිටපතක් ලබාදීමට කටයුතු කරන මෙන් ඔහු ඉල්ලා තිබිණි.

අගමැතිටත් තවම පිටපතක් නෑ

මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද බැඳුම්කර කොමිසමේ පිටපතක් ඉල්ලා ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමුකර ඇතත් තවමත් එහි පිටපතක් ලැබී නැතැයි පැවසේ.

මේ අතර, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳ විවාදයට ගැනීමට හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් තවමත් එම වාර්තාවේ පිටපත් කිසිවකුට ලැබී නොමැත.

රවීගේ නීතීඥයෝ වාර්තාවේ කරුණු ප්‍රතික්ෂේප කරයි

අදාළ, කාලයේදී බැඳුම්කර කොමිසමේ සිද්ධියට අදාළ මහ බැංකුව තිබුනේ රවී කරුණානායක මහතා යටතේ නොවන බැවින් එම චෝදනා ඔහුට සම්බන්ධ නොවන බව කරුණානායක මහතාගේ නීතීඥයින් මීට පෙර ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.

එසේම, කරුණානායක මහතා බැඳුම්කර කොමිසමට ගොස් සාක්ෂි දුන්නේ කොමිසමට සහයවීමට බවත්, එබැවින් අදාළ කාරණාව බොරු සාක්ෂි ලෙස පැවසිය නොහැකි බවද ඔවුන් කියා සිටියි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top