Dec 01, 2016

ප්‍රභූ වාහන පරීක්ෂා කරන්න කියයි

ප්‍රධාන ලාම්පු දල්වාගෙන ගමන් කරන ප්‍රභූ වාහන පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට උපදෙස් දී තිබේ.

ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

“පරිස්සමෙන් ගිහින් එන්න“ ලෙස නම් කර ඇති ජාතික මාර්ග ආරක්ෂණ සතිය අද(01දා) සිට ලබන 07 වනදා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top