Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 10, 2018

අයියතිගේ වැව පෙර පාසල පුංචි මල් කැකුළු පුබුදුවන්නට සූදානමින්

කැබිත්තගොල්ලාව අයියතිගේ වැව ශෛලබිම්බාරාමය විහාරමහාදේවී පෙර පාසලේ අභිනව ගොඩනැගිල්ල සහ පුස්තකාලය මෙම මස 24 වෙනිද‍ා විවෘතකෙරේ.

මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම හා සමගාමීව පාසල් ළමුන් 60 දෙනෙකුට අංග සම්පූර්ණ පාසල් පෙළ පොත් හා ඔවුන්ට අවශ්‍යය උපකරණ හා නිළ ඇදුම් පිරිනැමීම ද සිදු කරනු ලැබේ.

මෙම පෙර පාසලේ ඉගැන්වීම් කටයුතු කිරීමට සිවිල් ආරක්ෂක සේවාවේ නිරත ගුරුවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

මෙම උත්සව අවස්ථාවට සමගාමීව කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ජංගම කෞතුකාගාර කුටියක් ද 14 සහ 15 වෙනි දින ගම්වාසීන්ට හා සිසුන්ට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

ගොඩනැගිල්ලේ යතුරු භාර දීම අවසානයේ සර්ව රාත්‍රික මහා පිරිත් සජ්ජායනවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ප්‍රංශයේ වෙසෙන සාලිය කොටිගලගේ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිමකරන ලද්දකි. එමෙන්ම පුස්තකාලය සඳහා අවශ්‍යය පොත් පරිත්‍යාගය ප්‍රංශයේ Paris S.L.Pure ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ගෙනි.

මෙම අවස්ථාවට සහභාගීවන සම්භාවනීය ආරාධිත අමුත්තන් වනුයේ, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්, කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපති, කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක අංශ ප්‍රධානීතුමන්ය.

26694614 1601813109911861 1841896257 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top