Dec 02, 2016

දුම්රිය කටුගෙදර විස්තරේ හේමසිරි කියයි (වීඩියෝ) Featured

දුම්රිය ගමනට වසර 152ක් පිරෙන මේ වසරේදී මරදානේ පැරණිම දුම්රිය නැවතුම තුළ දුම්රිය කෞතුකාගාරයක් ඉදිකිරීමට මේවන විට සැලැසුම්කර තිබේ.

මේ සඳහා රුපියල් මිලියන 400ක වියදමක් දැරීමට නියමිත බවද පැවසේ.

වසර 1864 දෙසැම්බර් 27 වැනිදා සුබ මොහොතින් කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා මංගල ගමන ගිය රේල්ලුව මේවන විට වාෂ්ප දුම්රිය එන්ජිමේ සිට ඩීසල් දුම්රිය එන්ජිමේ සිට බලවේග කට්ටල (Power Sets) දක්වාම දියුණුවී තිබේ.

මේ ප්‍රජා සත්කාරයේ මූලික බර පැනදරන්නා බවට පත්ව සටින්නේ මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමයි.

මේ ආයතන දෙක දකුණු ආසියාවේ හොඳම දුම්රිය කෞතුකාගාරය ලංකාවේ තැනීමට වැයකිරීමට නියමිත මුදල රුපියල් මිලියන 300කි.

මහජන බැංකුවේ සභාපති සිය දායකත්වය හා දුම්රිය කෞතුකාගාරයේ තතු හෙළිකළේ මෙලෙසිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top