Dec 02, 2016

වර්ජකකයින් මීගමුවේ දුම්රියක් නවත්තලා(update)

 වර්ජනයේ යෙදී සිටින මීගමුවේ ත්‍රී රෝද රියදුරන් හා පෞද්ගලික බස් රියදුරන්  පිරිස කොළඹ - හලාවත දුම්රිය පාරේ ගල්කන්ද දුම්රිය ගේට්ටු කණුව අසල දුම්රිය පාර හරස් කර අද පෙරවරු 11 සිට දුම්රියක් නවත්වාගෙන සිටියි.

වර්ජකයන් දුම්රිය මාර්ගයේ ටයර් ද කොටද දමා හරස් කර ඇති බවත් කුරණ - ගල්කන්ද රේල් ගේට්ටුව අසල බාධක දමා ඇති බවත් වාර්තාවේ.

Negambo

update 13.00pm

---------------------------------------------------------------------------------------

කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගය අවහිරයි

ත්‍රීරෝද රථ හිමියන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ.

ඒ අන්ව කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ග මීගමුව, ගල්කන්ද හන්දියේ දුම්රිය හරස් මාර්ගය අසලින්  අවහිර වී ඇත.

එමෙන්ම මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

මාර්ග වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම්  විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහය පළ කරමින් ත්‍රීරෝද රථ සංගම් විසින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති අතර කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක් ද කුරණ දුම්රිය  ස්ථානයේ නතර කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

comment (1)

  • හොරපොල් විපක්‍ෂය
    • හොරපොල් විපක්‍ෂය
    • commented on 12 Fri, 2016 AT 14:25

    කොන්ද පන නැති ආණ්ඩුවක් තියෙනකොට මෙහෙම තමයි. මේ වගේ වෙලවකටවත් පොලිසිය හමුදාව දාල දුවන බස් වලට ගහන උන් පාර හරස් කරන උන් අල්ලන්නේ නැත්තේ ඇයි? එහෙම කලානම් හෙට වෙනකොට බස් ඔක්කොම එළියේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top