Dec 02, 2016

කුමාර් ගුණරත්නම් නිදහස් Featured

සිරදඬුවම් ලබමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා නිදහස ලබා තිබේ.

සංචාරක වීසාවකින් මෙරටට පැමිණ දේශපාලනයේ නිරතවෙමින් ආගමන විගමන නීතිය උල්ලංඝණය කළ බවට ‍චෝදනා කරමින් ගුණරත්නම් මහතා අත්අඩංගුවට පත්වන්නේ 2015 නොවැම්බර් 4දාය.

නඩු විභාගයෙන් පසුව වසරක කුමාර් ගුණරත්නම්ට සිරදඬුවම් නියම වූයේ 2016 මාර්තු 31 වන දින වන අතර බන්ධනාගාර දින නියමයන්ට අනුව ඔහුගේ වසරක සිරගත කාලය නිමාවීමට යෙදී තිබුණේ එළඹෙන දෙසැම්බර් 09දාය.

කෙසේ වෙතත් දින කිහිපයන් තිබියදී කුමාර් ගුණරත්නම් නිදහස් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

Kumar

Kumar2

kumar3

සබැදි පුවත්

පෙරටුගාමී ගුණරත්නම් අද නිදහස්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top