Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Dec 02, 2016

මෛත්‍රීට ට්‍රම්ප් හමුවීමට ආරාධනයක්

ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වුණු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා වෙතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඊයේ (දෙසැ. 01) රාත්‍රී 8.45ට දුරකථන ඇමතුමක් ලැබී ඇත.

ඇමරිකා එක්සත් ජනපදයට තේරී පත්වී සිටින නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක් ළඟදීම සුදානම් කිරීමට කටයුතු යොදන බව මයික් පෙන්ස් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මෙහිදී දෙරට අතර ප්‍රජාතන්ත්‍රීය සහ භූගෝලීය පසුබිමට අදාළ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු වී තිබේ.

මෙම දුරකථන සංවාදය ආරම්භයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ මයික් පෙන්ස් මහතාට සුභ පතා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top