Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 19, 2018

වරෙන්තු නිකුත් කළ මාලක උසාවියට එයි

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය නිකුත් කළ නියෝගය අනුව ඔහු අද (19 දා) අධිකරණයට පැමිණියේය.

ඊයේ (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරිය එය සලකා බැලීමෙන් අනතුරුව මාර්තු 6 වැනිදා වරෙන්තුව යළි කැඳවීමට නියෝග කළාය.

2014 දෙසැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.

සබැඳි පුවත්:

මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තුමර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top