Dec 03, 2016

බස් වර්ජනය අවසන් : ජනපති සමඟ සාකච්ඡාවක්

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ආරාධනා කිරීමෙන් පසු සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් සංගම් පවසති.

ඒ පිළිබඳ කරුණු දැක් වූ අන්තර් පළාත් පුද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර මහතා පැවසුවේ බස් සංගම් නියෝජිතයින් කිහිප දෙනෙකු හා ජානාධිපතිවරයා අතර අද (03) උදෑසන 7ට පමණ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එහිදී තම ගැටලුවට විසදුම් ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පලකළේය.

මේ අතර බස් සංගම් කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ලංගම බස් රථ සහ රාජ්‍ය දේපළවලට හානි කළ පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බව පොලිසිය පවසයි.

ඒ අනුව ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස් වර්ජනය අතරතුර ප්‍රවාහන කටයුතුවලට බාධා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top