Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 29, 2018

විමලනාත් යළි රාවයටම යයි !

රාවය පුවත්පතේ හිටපු විශේෂාංග කර්තෘවරයකු වූ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා රාවය පුවත්පතේ නව කර්තෘවරයා ලෙස අද (29) වැඩ බාරගෙන තිබේ.

ඒ මහතා පසුගිය ජනවාරි (22) වැනිදා ලංකා නිවුස් වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත්වූ අතර කෙසේවුවද, රාවය හිටපු කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා අදාළ ධූරයන් ඉවත්වීමෙන් පසුව රාවය නිර්මාතෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට අනුව ඔහු අදාළ තනතුර බාරගෙන ඇති බව පැවසේ.

විමලනාත් මහතා කළක් රාවයෙන් ඉවත්ව සත්හඬ හා ඉරුදින පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේය.

ඒ මහතා රාවය පුවත්පතට ලියූ ‘විමලෙගෙ කොලම’ තීරු ලිපිය රාවය පාඨකයා අතර ජනප්‍රිය තීරු ලිපියක් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top