nsb

Dec 04, 2016

මඩකලපු ගිය 'ශාසනාරක්ෂක සභාව' හරවා එවයි

සිංහල - බෞද්ධ සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවා ගෙන ඇති 'ශාසනාරක්ෂක සභාව' විසින්  මඩකලපුවේ සංවිධානය කර තිබු වැඩසටහනක් සඳහා ගමන් ගනිමින් සිටි 'බොදු බල සේනා' සහ 'රාවණා බලය' සංවිධානවල සාමාජිකයන් පිරිසකට අධිකරණ නියෝගයක් අනුව එහි ළඟා වීමට අවසර ලබා නොදීම මුල්කර ගනිමින් ඊයේ (03) පස්වරුවේ උණුසුම් තත්වයක් හට ගෙන තිබු අතර එම උත්සවයට නවත්වා එම සංවිධානවල සාමාජිකයින්ට යලි කොළඹ බලා ඒමට සිදුව තිබේ.

එම වැඩසටහන මගින් ප්‍රදේශයේ සාමයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ බව සැලකිල්ලට ගත් මඩකලපුව සහ එරාවුර් අධිකරණ බොදු බල සේනා සහ රාවණා බලය සංවිධානයේ සාමාජිකයන්ට මඩකලපුව දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථානවල ඇතුළු වීම වළකමින් නියෝග නිකුත් කොට ඇත.

එම තහනමට හේතු විමසමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමියන් ඇතුළු පිරිසක් නගරයේ හරස් මාර්ග ඔස්සේ පෙළපාලි යාමට ගත් උත්සාහය ද පොලිසිය විසින් වළකනු ලැබිණ.

පොලිසියේ එම ක්‍රියාමාර්ගයට විරෝධය පළ කළ පිරිස දුම්රිය මාර්ග හරස් කර තිබෙන අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බවත් වාර්තා වේ.

Madakalapuprotest

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top