Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 04, 2018

උදයංග ලංකාවට එන්න බෑ කියයි : යුක්රේනයට යන්න ඉල්ලයි Featured

ඩුබායි ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සඳහා  රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකාවට නිලවශයෙන් දැනුම්දී තිබේ.

මොහු ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදිය.
 
අධිකරණ නියෝගයක් මගින් ඔහුගේ ගමන් බලපත්‍රය අත්හිටුවා තිබී ඇති අතර එය නොදැන උදයංග මහතා ඇමරිකාවට යාමට උත්සාහ කර තිබේ.
 
උදයංග මහතාව ඩුබායි ආගමන නිලධාරීන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට උත්සාහ කර ඇති බවත්, පසුව ඔහු විසින් තමා යුක්රේන පදිංචිකරුවකු බවත් එහි යවන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.
 
කෙසේවුවද, ඔහු අධිකරණයේ විභාගවන නඩු කටයුත්තක් සඳහා අවශ්‍ය පුද්ගලයකු බැවින් ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් ද නිකුත්කර ඇති බවත්, ඒ අනුව ඔහු ලංකාවට බාරදෙන ලෙස මේවන විට ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.
 
උදයංග මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට කොටුව අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව ආගමන විගමන දෙපාර්තමෙන්තුව එය අත්හිටුවා තිබී ඇති බවද මේ අතර වාර්තා වේ.
 
මේ අතර, උදයංග ලංකාවට රැගෙනඒම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අද (04) රාත්‍රියේ අබුඩාබි බලා පිටත්වයාමට නියමිත බව පැවසේ.
 
ඒ උදයංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුවද, රාජතාන්ත්‍රික වශයෙන් ඔහු ශ්‍රී ලංකාවට බාර ගැනීමට ගනුදෙනුකළ යතුවන්නේ අබුඩාබි රාජ්‍ය සමඟවීම නිසාය.
 
උදයංග පළාත් පාලන මැතිවරණයට පෙර ලංකාවට ගෙන්වාගැනීමට මේවන විට දේශපාලකයන් කිහිපදෙනෙකු විශාල උත්සාහයක් දරමින් සිටින බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. 
 
සබැඳි පුවත් :
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top