Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 05, 2016

ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ හෙට සාපෙළට ලියයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06 වැනිදා) ආරම්භ කෙරේ.

නව හා පැරණි නිර්දේශ යටතේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් හත්ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටියි.

ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ පෙනී සිටින විභාගය මෙය වන අතර, මෙවර යොදවා සිටින කාර්ය මණ්‌ඩලය 65524 කි.

 දිවයින පුරා මධ්‍යස්‌ථාන 5669 කදී විභාගය පැවැත්වෙයි.

තාක්ෂණ මෙවලම් භාවිත ‍කළොත් වසර 5ක් විභාග තහනම්

ජංගම දුරකථන හෝ ස්‌මාට්‌ ඔර්ලෝසු ළඟ තබාගෙන විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාගය අවලංගු කර පස්‌ වසරක විභාග තහනමක්‌ පනවන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා සදහන් කර සිටියි.

එමෙන්ම අයදුම්කරු වෙනුවට වෙනත් අයකු විභාගයට පෙනී සිටියහොත් විභාග මධ්‍යස්‌ථානයේදීම පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීවේය.

විභාග අධීක්‌ෂණ කණ්‌ඩායමේ දැනටම සියලු පළාත්වලට යෑවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

විභාගයට පෙනී සිටීම සඳහා ජාතික හැඳුන්ම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වේ.

විභාගයට අදාළ ගැටලුවක්‌ ඇත්නම් 011-2784208, 011-2784537 හෝ 1911 යන දුරකථන අංකයන්ගෙන් විමසීම් කළ හැකිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top