Dec 05, 2016

තිස්ස අත්තනායකට ඇප

කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (05 දා) නියෝග කළාය.

ඒ අනුව රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඒ මහතාව මුදා හැර තිබේ.

ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර ලබන මාර්තු 20 වැනිදා සිට නඩුව  විභාගයට ගැනීමට මහාධිකරණය තීන්දු කළේය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top