nsb

Dec 05, 2016

නිශාන්ත රණතුංගට තරයේ අවවාද

ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවේ කොළඹ ක්‍රිකට් සංගම් සභාපති අරුණ සිල්වා මහතාට බැන වැදුණැයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නිශාන්ත රණතුංග අද(05දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට කැඳවනු ලැබීය.

මෙම අවස්ථාවේ දෙපාර්ශවය සමථයකට පත්වීම හේතුවෙන් අරුණ සිල්වා මහතා සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බව වාර්තාවේ.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නිශාන්ත රණතුංගට තරයේ අවවාද කොට මුදාහැර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top