15976 BM WEB BANNER 01
Dec 05, 2016

ඇගලුම් සේවකයින් 86 ක් රෝහල්ගත කරයි

අවිස්සාවෙල්ල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම ආයතනයක සේවය කළ සේවකයින් 86 දෙනෙකු ආහාර වීස වීමෙන් අවිස්සාවේල්ල මහ රෝහලට  ඇතුලත් කළ බව රෝහල් ආරංචි පවසයි.

අද (05දා) පෙ.ව. 10.00 ට පමණ සේවකයින් මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර උදරාබාධය, ක්ලාන්තය හා වමනය යන රෝගී තත්ත්වයන් යටතේ ඔවුන් රෝහල් ගත කර තිබේ.

සේවිකාවන් 28ක් හා සේවකයන් 58ක් මෙම ගැටලුවට මුහුණදී ඇති අතර ආසාධිත තත්ත්වයට හේතුවන කුමක්දැයි මෙතෙක් අණාවරණය වී නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top