Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Fle Photo Fle Photo
Feb 14, 2018

සිරිපාල අගමැති කරන්න රතන හිමි සටනේ !

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට අතුරලියේ රතන හිමි ප්‍රමුඛව, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මේ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ අද (14) පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හා ජනපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුවය.

ඒ එම සාකච්ඡාවෙන් පසුව මෛත්‍රීපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය නම් අගමැතිධූරය සිරිපාල මහතාට ලබාදීමට අකමැත්තක් නැති බවත්, එම අවස්ථාව ඔහුට පළමුව දෙන බවත්, ඒ සඳහා හෙට (15) පස්වරු 2.00ට පෙර වැඩි බහුතරය වන මන්ත්‍රීන් 113 පෙන්වන්වා ලබා ගන්නැයි පවසා තිබේ.

කෙසේවුවද, කුමන තත්ත්වයක් යටතේ හෝ මහින්දට ආණ්ඩුවක් සෑදීමට සහය නොදෙන බවට, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා, ෆයිසර් මුස්තාපා හා මහින්ද සමරවීර යන අමාත්‍යවරු එකඟතාවයක සිටින බවද පැවසේ.

මේවන විට රතන හිමි ප්‍රමුඛ කන්ඩායම රිශාඩ් බදුයුදීන් මහතා තමඟද ආණ්ඩුවක් සෑදීමට සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 96ක් වන අතර වැඩි බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරු 113ක් පෙන්විය යුතුවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top